
Advertise on podcast: CYBER Wiparama
This podcast has
92 episodes
Language
EnglishPublisher
Champike YatagamaExplicit
No
Date created
2019/11/18
Latest episode
2026/08/11
Average duration
13 min.
Release period
127 days
Description
Bringing the සිංහල story telling to life in Cyber Space and ALL Cyber Satahana radio episodes
Unlock CYBER Wiparama podcast Email contact info,
Listeners & Audience details
Email contact information
Direct podcast contact details

Listeners
Audience numbers & engagement insights

Audience details
Podcast Insights

Podcast episodes
Check latest episodes from CYBER Wiparama podcast
Census මුවාවෙන් ඔබව සූරාකන වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් ගැන හොඳින්ම දැනුවත් වෙන්න
2026/08/11
2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-identify-2026-census-scams-protect-yourself/htnq0tvt9
AI සහ ඕස්ට්රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද? Part 2
2026/08/03
Podcast published by SBS SInhala
කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/know-these-things-to-get-ahead-in-the-job-race-of-the-ai-era-and-stand-out-from-other-applicants-in-australia/jfb1mpwsw
AI නිසා ළඟදීම ලොකු පිරිසකට ඕස්ට්රේලියාවේ රැකියා නැති වෙයිද, හරි විස්තරේ මෙන්න - SBS SInhala
2026/07/21
Visit SBS Sinhala featured article here
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/will-a-large-number-of-people-in-australia-soon-lose-their-jobs-due-to-ai-here-are-the-full-details/lnx2q9s4u
SBS Sinhala: AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම්... PART 2
2025/07/29
සමාජ මාධ්ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
source: https://www.sbs.com.au/language/sinhala
SBS Sinhala: සමාජ මාධ්ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි PART 1
2025/07/23
සමාජ මාධ්ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
වික්ටෝරියා ප්රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු
Source: SBS Sinhala
SBS SInhala Interview: මේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්න
2024/12/13
SBS link:
එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්යවශ්ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb
වික්ටෝරියා ප්රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඔස්ට්රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio
2024/10/01
ඔස්ට්රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය ජාලා තහනම් වෙයිද?
දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්රේලියානු මධ්යම රජය මේ වෙනකොට අධ්යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා.
මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial)
නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ).
ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්.
අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා.
මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය.
Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq
වඳින්න ගිය දෙවාලෙ, හිසේ කඩන් වැටුනා වගේ එන ස්කෑම් : SBS Sinhala Radio
2024/08/20
ඕස්ට්රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-money-from-the-same-people-who-have-been-scammed-before/wmauylfoq
එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps!
2023/06/15
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts
SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න.
2023/04/11
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r
Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ?
2022/10/11
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022.
Duration: 7 minutes
Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/
SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams
2022/10/10
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help.
Broadcast on SBS Radio on 8th September 2022
Medium: Sinhala
Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE
Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?
2022/05/02
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්රියව ක්රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්.
ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්.
මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ?
කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා.
සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලුම දේ එකම තැනකට ගොනු වුනාම ඒකට කියනවා Hashtag feed එකක් කියලා.
මේ නිසා හෑශ්ටැග් කියන සංකල්පෙ, එහි වැඩි පිරිසකට ලඟා වීමට තියෙන ශක්යතාවය නිසා digital marketing වල ඉතා ජනප්රිය අංගයක්. මෙය වැඩිපුරම භාවිතා වෙන්නෙ ට්විටර් සමාජ ජාලෙ. ඇත්තෙන්ම හෑශ්ටැග් කියන තාක්ශණයෙ උපත සිදුවෙන්නෙත් ට්විටර් වල. පසුව එය අනෙක් සමාජ ජාලා වලට පැතිරුනා.පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා, හරියට හෑශ්ටැග් භාවිතා කලොත්, ඉන්ස්ටග්රම් සමාජමාද්යයේ පෝස්ටුවක්, හෑශ්ටැග් නැති පෝස්ටුවකට වඩා 12% අමතර ක්රියාකාරිත්වයක් ලබනවා කියලා.. ඒ අතර ඉතා විශාල පිරිසක් ඒ හෑශ්ටැග් එකම භාවිතා කලොත්, එය බොහෝ දෙනෙක් දකින trending hashtag එකක් බවට පත් වෙනවා.
ඒ නිසා පුලුවන් හැමෝම, හැම තැනකම තමන්ගෙ හෑශ්ටැග් එක අලවා ගෙන ගියා නම් එය විශාල පිරිසක් අතරට යවන්න පුලුවන් කියලා මේ ගැන සක්රිය බොහෝ දෙනා සිතා සිටින බවක් පේනවා. නමුත් සත්යය් එය නොවේ. හෑශ්ටැග් කියන දේ හරි අවබෝධයෙන් තමා පාවිච්චි කරන්න ඕනෙ.
එකම හෑශ්ටැග් එක හැම තැනම කමෙන්ට් විදියට copy paste කරන අය ඔබ දැක ඇති. සමහර අය එකම හෑශ්ටැග් එක විස්ස, තිහ එකම පෝස්ට් එකේ ඇතුලත් කරලා අනෙක් අයටත් එය අලුත් පෝස්ට් විදියට copy/paste කොට එය ප්රචාරය කරන්න ඉල්ලා සිටිනවා.
සමාජ මාධ්ය වල මේ වගේ ක්රියාකාරකම් හඳුනා ගන්නේ spamming විදියට. එවිට ඒවායේ අභ්යන්තර ක්රියාකාරිත්වය විසින් මේ වගේ පෝස්ටුවල reach එක අඩු කරනවා. තව දුරටත් මේ වැඩේ වෙනව නම් ඒ ගිනුම් බ්ලොක් කිරීමකට පවා ලක් වෙන්න පුලුවන්.
Instagram සමාජ ජාලයේ මෙලෙසින් හෑශ්ටැග් අවභාවිතා කරන අයව shadowban නම් සීමා කිරීමකට ලක් කරනවා. එතනදි වෙන්නෙ ඒ දඬුවමට ලක් වුනු අයගේ පෝස්ට් පේන්නෙ එයාලගෙ followersලට විතරයි. ඉතින් කොච්චර හෑශ්ටැග් එකතු කරත් ඒකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අනෙක් සමාජ ජාලවල අභ්යන්තර ක්රියාකාරිත්වය එනම් ඇල්ගොරිතම් සියල්ල වැඩ කරන්නෙ මීට සමාන ආකාරයකින්.
තව වැදගත් කාරනයක් තමා කමෙන්ට්වල හෑශ්ටැග් එකතු කරන්න පුලුවන් වුනාට එය මම අර මුලින් කිව්ව feed එකට ඒවා එකතු වෙන්නෙ නැහැ. ඉතින් එය පලක් නොවෙන වැඩක්. ඒ නිසා හැම කමෙන්ට් එකේම ඉවක් බවක් නැතිව හෑශ්ටැග් එකතු කරන ඔබේ මිතුරාට එහි නිශ්පල බවත්, එය නිතර කිරීමෙන් තමන්ගෙ ගිනුමට හානි විය හැකි බවත් පැහැදිලි කර දෙන්න.
එසේ නම් කොහොමද නිවැරදිව හෑශ්ටැග් භාවිතා කරන්නෙ?
පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා වඩාත්ම ප්රතිපලදායක උපරිමව හෑශ්ටැග් දෙකක් හෝ තුනක් එකතු කිරීම. ඊට වඩා යාමෙන් reach එක අඩුවෙනවා.
එලෙස එකතු කරන හෑශ්ටැග් තියෙන පෝස්ටුව public විදියට privacy setting එක තබන්න ඕනෙ. එය මිතුරන්ට පමනක් පේන විදියට නම් දාන්නෙ, ඔබ එකතු කරන hashtag සහිත පෝස්ටුව hashtag feed එකට යන්නෙ නෑ.
අනික් වැදගත් කාරනේ, උමතුවෙන් වගේ හැමෝම එකතු කරන නිසා හෑශ්ටැග් එක විතරක් එකතු කරලා වැඩක් නැහැ. නිර්මාණශීලි දෙයක්, එයට අදාල ර
Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?
2022/01/02
Published on 3ZZZ Radio on 26th Dec 2021
Duration: 5 mins
මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා.
එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්රශ්නයක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්රතිචාර දක්වන නිසා.
ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්රශ්නයක්.
විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට කමෙන්ට්ස් විදියට ප්රතිචාර මිලියන 1.3ක් ලැබිලා තියෙනවා. මේ මාස තුන, හතරට මෙය 12000වතාවක් ශෙයා වෙලා තියෙනවා, එතකොට ඒ හැම ශෙයාර් එකටම තව මේ වගේ වෙන වෙන කමෙන්ට්ස් වැටෙනවා.
මෙහි කමෙන්ට් කරපු අය කෙතරම් උනන්දුවෙන් මේ ප්රශ්නෙට පිලිතුරු දුන්නාද කියනවා නම්, පිලිතුරට අමතරව තමන්ගේ මුල් වාහනේ පින්තූරත්, ඒ කාලෙ තමන් ගැන විස්තරත් ලියලා තිබ්බා.
මේ පෝස්ට් public කියන privacy setting එක හරහා දාලා තියෙන නිසා අන්තර්ජාලෙ ඉන්න ඕනම කෙනෙකුට මේ කමෙන්ට්ස් කියවන්න පුලුවන්.
දැන් මේ වගේ සිද්දි දිනපතා සමාජ ජාලා වල දකින ඔබට ගැටලුවක් එනවා ඇති, මොකක්ද මෙහි ඇති ගැටලුව කියලා. එයට පිලිතුරක් දෙන්න කලින් අපි බලමු ඇයි අපි මේ වගේ දේවල් වලට ප්රතිචාර දෙන්න නැබුරු වෙන්නෙ කියලා.
මිනිසා කියන්න සමාජශීලි සත්ත්වයෙක්නෙ. අපි හැමෝම ආසයි අපේ හිතවත් අය එක්ක අපි ගැන, පවුල් ගැන විස්තර බෙදා ගන්න. විශේෂයෙන්ම අපේ අතීතය ගැන සුන්දර මතකයක් ආපු සැනින් ඒ අතීතකාමය තුල නිමග්න වෙන්නෙ බොහොම සතුටෙන්.
සමාජ ජාලා විසින් මේ ආම්න්ත්රනය කරන්නෙ අප තුල නිසඟයෙන් තියෙන මේ ආශාවට. මිනිසුන් එකිනෙකා මේ විදියට ජාල ගත වෙද්දි, සමාජ ජාලාවලට පුලුවන් ඔවුන්ට අදාල වෙලඳ දැන්වීම් තිරය මතට ගෙනැල්ල ආදායමක් ලබන්න. එය රහසක් නොවේ.
සමාජජාලා භාවිතා කරන්නන් හොඳටම දන්නවා තමන්ට නොමිලේ මේ සේවාව ලැබුනා වගේ පෙනුනට, තිරය පිටුපස අපේ පුද්ගලික දත්ත ල්බා දීම් නිසා අපට මිල කල නොහැකි මිලක් ගෙවන්න වෙන වග.
සමාජ ජාලා මේ විදියට ලාභ ලබන අතරෙ, සයිබර් අප්රාධකරුවනුත් සමාජ ජාලා වල සැරිසරනවා ඔබ ගැන ගන්න පුලුවන් තරම් විස්තර හොයා ගන්න. ඒක එයාල කරන්නෙ බොහොම සූක්ශ්ම විදියට. ස්ව්යංක්රීයව ක්රියාත්මක වෙන ඔත්තුකාරයන් ඉන්න හමුදාවක් මේ සඳහා යොදා ගන්නවා. ඒකට කියන්නෙ data-harvesting bots කියලා. මේ හරහා ඔවුන්ට පුලුවන් මිනිසුන් සම්බන්ධ විස්තර එකතු කරලා, සන්වේදී පුද්ගලික විස්තර ඇතුලත් individual profiles හදන්න. මේ විස්තර ඔවුන්ට පුලුවන් වෙනත් සයිබර් අපරාධකරුවන් හෝ පුද්ගලික විස්තර වෙලඳ ප්රචාරනය වෙනුවෙන් අවශ්ය අය වෙත විකුනන්න.
ඒවා සයිබර් අප්රාධකරුවන් අතට ගියහම ඔබ දන්නවා අනණ්යතා සොරකම් ( identity theft) සඳහා මේ විස්තර ඔවුන්ට නිධානයක්. සමහර පාස්වර්ඩ් වෙනස් කරන්න, ඔබ විතරක් පිලිතුරු දන්න ප්රශ්න ඔබ ඇතුලත් කරලා තියෙනවා, First pet, first car, mother's maiden name, birth city ආදිය. මේවාට කියන්නෙ Security Questions - දැන් මේවායෙ පිලිතුරු දන්න ඔබ විතරක් කියා ඔබ සිතුවාට, මේ විදියට කමෙන්ට් කරද්දි ඔබ නොදැනුවත්වම මේවායෙ පිලිතුරු සයිබර් හොරුන් අතට පත්වෙනවා.
මම හිතන්නෙ දැන් අඔබට පැහැදිලි ඇති, මතුපිටින් අහින්සක වගේ පෙනෙන එවැනි ප්රශ්නෙකට පිලිතුරු සපයධ්ඩි ඒ එක්කම එන අවදානම.. සමහර සමාජ ජාලා ඇප් වලින් කරන්නෙත් මේ වැඩේ. අපි මීට කලින් කතා කරලා තියෙන, ෆේස්බුක් සමාගම අතිශය අපකීර්තියට පත්වුන, ෆේස්බුක් පරිශීලකයින් මිලියන් 87ක දත්ත, දේශපාලනික උවමනාවක් වෙනුවෙන් අවභාවිතාවට ලක්වුනු කුප්රකට Cambridge Analytica සිද්දියටත් පාදක වුනේ This is your digital life කියන facebook app එක.
එසේ නම් අපි කොහොමද මේ වගේ අවදානමකින් ගැලවෙන්නෙ සමාජ ජාල භාවිතා කරන ගමන්.
මූලිකවම අපි හිතන්න ඕනෙ අපේ සංවේදී පුද්ගලික ව්ස්තර සමාජ ජාලාවල පල කරනවාද කියලා. ඔබේ උපන්දිනය, උපන් නගරය, පලමු සුරතලා, අම්මාගෙ මුල් නම ආදිය අනික් අය දැන ගන්න ඕනෙමද?
ඔබට හිතෙන්න පුලුවන් උපන්දිනය ආදිය දැන ගැනීම හරහා මිතුරන්ගේ සුබ පැතුම් ආදිය ලැබීම සතුටට කාරනයක් නිසා එය වැදගත් බව. එසේ නම් කරන්න තියෙන්නෙ ඔබේ විස්තර මිතුරන්ට විතරක් පෙනෙන ලෙස Privacy Settings, 'Friends Only' ලෙස වෙනස් කිරීම. එය ඉතාම පහසුයි කරන්න.
නමුත් එහෙම කරත් වැඩක් නෑ, ඔබ ඔබට එන Friends requests සොයා බලන්නෙ නැතුව භාරගන්නව නම්.
අනික් වැද්ගත් කාරනය තමා විවිධ විනෝද්ජනක ඇප් වලට විස්තර එකතු කරන එකෙන් වැලකී සිටින එක..
මේ සරල කාරනා හරහා ඔබට යම් කිසි ආරක්ශනයක් ලබා ගත හැකියි. ඒ කොහොම වුනත්, සමාජ ජාලා භාවිතා කරනවා නම් ඉතින් අපි ඒ සම්බන්ධ තේරුම් ගත යුතු ඇත්තක් තියෙනවා නිරතුරු සිහියෙ තබා ගත යුතු., ඒ තමයි..
If you don't pay for the product, you are the product
Episode 75: දෙරණ හැක් වුනේ කොහොමද?
2021/10/03
මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්රදාන පෙලේ මාධ්ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා.
දෙරන නාලිකාව ඇත්තටම හැක් වුනාද? එහෙම නැත්නම්, සමහරුන් සඳහන් කල පරිදි මෙය ප්රසිද්ධිය වෙනුවෙන් කරපු දෙයක්ද? මේ සිදුවීම හරහා අපටත්, යුටියුබ් නාලිකා හිමිකරුවන්ටත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවද? සයිබර් සටහන අද ඉඩ වෙන් කරමු මේ ගැන කතා කරන්න.
දෙරන නාලිකාව අගෝස්තු 29 දා එක්වරම Crypto News ලෙසින් නම වෙනස් වුනා. එහි දහස් ගණනින් තිබූ රූපවාහිනි වැඩසටහන් සියල්ල අතුරුදන් වුනා. දෙරණ පාලනාධිකාරය විසින් නාලිකාවේ ග්රහනය තමන්ගෙන් මිදී ඇති වගත්, එය නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් ප්රකාශ කිරීමත් සමඟ දෙරණ නාලිකාව හැක් වු පුවත සමාජ ජාල හරහා ලැව් ගින්නක් වගේ පැතිරුනා. ඔය අතරෙ බොර දියේ මාලු බාන්නට වගේ, වෙනත් යුටියුබ් නාලිකා, දෙරන නැති හිඩස තුල තමන්ගෙ නාලිකාවෙ නම දෙරන ලෙස වෙනස් කොට subscriberලා බිලී බා ගැනීමක නිරතව සිටියා. ඔය අතර තවත් යුටියුබ් නාලිකා, හරි හමන් තොරතුරක් නැති අවකාශයේ, ප්රසිද්ධිය පතා තහවුරු නොවූ කාරනා විකාශය කරමින් තමන්ගේ නාලිකාවට අවධානයක් ලබා ගන්න උත්සාහ ගන්නවා පෙනුනා.
පැය කිහිපයක් ඇතුලත හැක් වූ දෙරන නාලිකාවේ cryptocurrency සම්බන්ධව සජීවී ප්රචාරක වැඩසටහන් විකාශය වෙන්න ගත්තා. මින් දෙරණ නාලිකාවට සිදු වුනේ කුමක්ද යන්න ගැන යම් ඉඟියක් ලැබුනා.
ඇයි මම එහෙම කියන්නෙ?
මෙය ලංකාවේ නාලිකාවකට අලුත් දෙයක් වුනත්, එය හුදකලා සිදුවීමක් නොවේ. මේ සිදුවීමට දින කිහිපයකට කලින් ඉතා ජනප්රිය, මිලියන් 30 ඉක්මවා සබ්ක්රයිබර් ප්රජාවකට හිමිකම් කියන Hakeem Prime, Alok Official, JJK Entertainment නාලිකා මේ විදියටම ග්රහනයට හසු වී, නීති විරෝධී ක්රිප්ටොකරන්සි ජාවාරම් ප්රවර්ධනය කරන වීඩීයෝ ඒවා හරහා විකාශනය වී තිබුනා. මෙය අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ. පසු ගිය වසරේ සිට මේ ජාවාරම ප්රදාන යුටිටුබ් නාලිකා ඉලක්ක කරමින් ක්රියාත්මක වුනා. මෙවැනි cryptocurrency scam විකාශයන් හරහා සයිබර් අපරාධකරුවන් සාමාන්යයෙන් ඩොලර් 10,000 පමණ වරකට උපයන බව වාර්තා වුනා. යුටියුබ් පමනක් නොවේ, පසු ගිය වසරේ ඔවුන් ඉතා සූක්ශම ලෙස බිල් ගේට්ස්, ජෙෆ් බෙසොස්, ඉලෝන් මස්ක් යන අයගේ twitter ගිනුම් පවා හැක් කරේ මේ ක්රිප්ටොකරන්සි ජාවාරම වෙනුවෙන්. එනිසා ඔබට පැහැදිලි ඇති, දෙරණ හැක් වීම පසුපස සයිබර් අවකාශයේ පසුබිම් කතාව.
ඔවුන් දෙරණ ග්රහනයට ගත්තේ කෙසේද? මේ ගැන දෙරන ඩිජිටල් ප්රධානී ජනිත් රොද්රිගු මහතා, මේ සිදුවීමේ පසු විපරමක් කරමින් සඳහන් කලේ, ඔවුන්ගේ ඩිජිටල් කන්ඩායමේ පුද්ගලයෙකුගේ පරිගණකයක තුබූ දුරස්ථ ප්රවේශ ම්ෘදුකාංගයක තිබූ අඩු පාඩුවක් මෙයට හේතු වූ වග.
දෙරණ වගේ විශාල මාධ්ය ආයතනයකට මෙය වෙන්න පුලුවන්ද? ඔවුන්ගේ passwords සහ multi factor authentication ක්රියාත්මක නොවුනේ ඇයි? මේ ප්රශ්නවලට පිලිතුර මේ හරහා ලැබුනා, ඒ කොහොමද?
දෙරණ ඩිජිටල් කන්ඩායමට, කොවිඩ් තත්ත්ව යටතේ, අපි බොහෝ දෙනෙකුට මෙන් නිවසේ සිට දුරස්ථව දෙරණ මූලස්ථානය හරහා සම්බන්ධ වෙන්නට සිදු වුනා. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ Team Viewer නම් ඉතා ජනප්රිය, දුරස්ථ පාලක tool එකක්. මෙහි ඇති අවධානම තමයි Team Viewer සම්බන්ධතාවය hijack කලහොත්, හැකර්ට පුලුවන් වෙනවා ඒ පරිගනකයේ ඒ වෙන කොටත් ස්ථාපිත සියලුම ගිනුම්වලට ඇතුල්වෙන්න. දෙරණට වැරදුනෙ මෙතන. මේ පරිගණකයේ අදාල passwords පවා browser එක තුල save කර තිබීම නිසා, එයට සම්බන්ධ වූ සැනින් හැකර්ට හැකියාව ලැබුනා ඔවුන්ගේ ගිනුමේ පාලනය ලබා ගන්න. ස්ථාපිත සම්බන්ධතාවයක් නිසා, multi factor authentication ක්රියාත්මක වුනේ නැහැ.
දෙරණ මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. දැන් එයාලගෙ කන්ඩායමට ආරක්ශාකාරීව, දුරස්ථව සම්බන්ධ වෙන්න VPN එකක් ස්ථාපිත කරලා තියෙන්නෙ. ඒ සමගම cyber security audit එකක් පවත්වා, මෙවැනි vulnerabilities එනම් අඩු පාඩු සොයා පිලියම් යෙදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මින් අපට ඉගෙන ගත හැකි දේ කුමක්ද? හැකි සැමවිටම පාස්වර්ඩ් එකට අමතරව 2FA ක්රියාත්මක කරන්න. එකිනෙකිට වෙනස් එනම් unique passwords භාවිතා කරන්න නමුත් ඒවා browser එකේ save නොකර ඉන්න. ඒ සඳහා password manager එකක් භාවිතා කරන්න.
ඒ පුද්ගලික මට්ටමෙන්. ඔබට ආයතනයක් හිමි නම් එහි දුරස්ථසම්බන්ධතා සඳහා in-house VPN එකක් භාවිතා කිරීමත්, සියලුම මෙහෙයුම් පද්ධති, ම්ෘදුකාංග anti-virus පද්ධති නිති update කර තිබීමත්, පෙර කී සාධකවලට අමතරව අවම වශයෙන් ක්රියාත්මක කල යුතු කාරනා.
ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ කොහෙත් සයිබර් ආරක්ශන පරජාවට තියෙන ප්රශ්නයක් තමයි මිනිසුන් ආරක්ශාව සම්බන්ධ තියාගෙන ඉන්න ව්යාජ සහතිකය - (false ass
Podcast reviews
Read CYBER Wiparama podcast reviews
Podcast sponsorship advertising
Start advertising on CYBER Wiparama relevant audience podcasts
You may also like to advertise on these Podcasts

4.7129372
10 to Life
Annie Elise

4.76752464
Criminology
Emash Digital & Mike Ferguson, Mike Morford

4.87515978
The Dr. John Delony Show
Ramsey Network

4.512621667
RedHanded
RedHanded

4.9247931451
Unashamed with the Robertson Family
Tread Lively

4.959902000
Legal AF by MeidasTouch
MeidasTouch Network

4.890631580
Fearless with Jason Whitlock
Blaze Podcast Network

4.920741182
Toni and Ryan
Toni Lodge and Ryan Jon

4.762592000
The Lawfare Podcast
The Lawfare Institute

4.7292732000
The Michael Knowles Show
The Daily Wire